අගමැති මහින්ද යෝෂිත පුතාව ඉන්දියාවේ ගෙනිච්ච ක්‍රමය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සිය පියාණන් සමග ඉන්දීය සංචාරයට එක්ව ඇත්තේ තම මව එම සංචාරයට එක් නොවූ නිසා බව වාර්තා වනවා.

ශිරන්ති රාජපක්ෂ මහත්මිය අවසන් මොහොතේ එම සංචාරයට සහභාගී නොවූ නිසා යෝෂිත රාජපක්ෂ මහතාව ඒ වෙනුවට සංචාරයට එක් කර ගැනීමට අගමැතිවරයා කටයුතු කර තිබුණා.

TRUENEWS.LK මීට පෙර හෙළි කළ පරිදි යෝෂිත රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කිරීමට අදහස් කර ඇති නිසා මෙම සංචාරය ඔහුට විශාල අත්දැකීමක් බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *