ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සේම දේශපාලන පක්ෂවල ආකෘතිය ද වෙනස් විය යුතු බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා.
21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණයකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ, මෙරට දේශපාලන පක්ෂ නිර්මාණය කර ඇත්තේ, ප්රතිපත්තිමත පිහිටා නො වන බව යි.
තමන් ඉතිහාසයේ සිට ම ජාතිවාදී ක්‍රියාකාරකම් ගැන විවේචනය කළ බවත් ඒ සෑ ම අවස්ථාවක දී ම තමන්ට ජාතිවාදියා යන ලේබලය වැදුණු බවත් ඔහු අවධාරණය කරනවා.