අරගලකරුවන්ට පොදු සමාවක් දෙන්නැයි ජනපතිගෙන් ඉල්ලීමට යයි

අතීතයේදී සිදුවූ වැරදි නිවැරදි කර ගනිමින් මෙරට ආර්ථික තත්වය යලි යථා තත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු රජය සිදුකරමින් සිටින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පලකලේ ශ්‍රී ලංකා රාමඥ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඔමල්පේ සෝභිත නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සහ සිවිල් සංවිධාන නියෝජිත පිරිසක් සමඟ අධිකරණ අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදීය.

එහිදී අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන්ට පොදු සමාවක් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් සමඟ සාකච්ඡාවක් ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යතුමා සඳහන් කලේ ඒ සඳහා ඉදිරි දින දෙක තුළ දිනයක් සහ වේලාවක් ලබාදෙන බවයි.

වර්තමානය වන විට රටතුළ පවතින අර්බුධකාරී තත්වයන් මඟ හරවා ගනිමින් දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය ඇති කරලීම සදහා සියළු දෙනාගේ දායකත්වය ලබාදෙමින් අනාගතය පිළිබඳව ධනාත්මක චින්තනයකින් යුතුව ක්‍රියා කලයුතු බවත්, මෙරට ආර්ථීක තත්වය යළි ස්ථාවරත්වයට පත් කිරීම සඳහා වත්මන් රජය කැපවී කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *