ක්‍රිකට් ලෝකය කණපිට හැරෙන තීරණයක් එක්ක මාලිංග නායකයා වෙන ලකුණු

ලෝක කුසලානයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ගැන තීරණයක් ගැනීමට පහසු වෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියක් පවත්වනවා. ඒ ගැන ක්‍රිකට් බලන හැමෝම දන්නවා.

මේ වෙනකොට අපට දැනගන්න ලැබුණු ආරංචි අනුව ලෝක කුසලානයට යන කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගට හෝ ඇන්ජලෝ මැතිව්ස්ට ලැබෙන්න පුළුවන්. හෙට තරඟය මාලිංගගේ කණ්ඩායම ජය ගත්තොත් ඒක මාලිංගට තවත් වාසියක් වෙයි.

කෙසේ වෙතත් ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහ සහ ඇන්ජලෝ අතර තිබෙන යම් යම් අර්බුධයන් නිසා ලසිත් මාලිංගට නායකත්වය ලැබීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. හෙට මැච් එකෙන් පස්සේ ලංකාවේ ක්‍රිකට් කණපිට හැරෙන තීරණයකුත් බලාගන්න පුළුවන් කියන ආරංචියකුත් තියෙනවා. අපි බලමු ලසිත් මාලිංග ද ඇන්ජලෝ ද ලෝක කුසලාන සිහිනය කපිතාන් වෙන්නේ කියලා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *