විමල් – මහින්ද මැතිසබයේදී ගැටෙති

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයට පත්කිරීම සඳහා කිසිම අවස්ථාවක යෝජනා නොකළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

නිදහස් පක්ෂයේ සිට ආණ්ඩුවේ ඇමැතිධුර ලබාගත් අය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයට පත්කරන ලෙස ජනපතිවරයාට යෝජනා කළ බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

මෙහිදී පිළිතුරු දෙමින් විමල් වීරවංශ මහතා සඳහන් කළේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට සඳහන් කළ බවයි. එය මහින්ද අමරවීර මහතා ප්‍රතික්ෂේප කරන්නේ නම් අසත්‍ය ප්‍රකාශ කරන්නේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව විමල් වීරවංශ මහතා පැවැසීය.

රනිල් වික්‍රමසිංහ මහතා පත්වීම් ලබන දිනයේ උදෑසනත් සජිත් ප්‍රේමදාස මහතාට අගමැතිධුරය භාර ගන්නා ලෙස ආරාධනා කළ බවයි.

මෙයට මැදිහත් වූ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ එසේ නම් අග්‍රාමාත්‍යධුරයට රනිල් වික්‍රමසිංහ මහතා පත්කළ යුතු බවට යෝජනා කළේ කවුරුන්ද යන්න පිළිබඳව පාර්ලිමේන්තුවට දැන ගැනීමට කටයුතු කරන ලෙසයි.

You May also like

Leave a Reply

Your email address will not be published.