අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 35ක් සමග කාන්තාවක් අත්අඩංගුවට

කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය ඊයේ (20) වනවාසල ප්‍රදේශයේදී සිදු කල වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 35ක් සන්තකයේ තබා ගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල කාන්තාව වයස අවුරුදු 35ක් වන අතර ඇය වනවාසල, කැලණිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවටයි පොලිසිය පැවසුවේ.

සැකකාරිය අද (21) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පෑලියගොඩ පොලිසිය පවත්වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *