වැලිකඩ හිර ගෙදරට ‘අලුත්ම ක්‍රමයට කුඩු ඇද්ද කාන්තාවත්’ අල්ලා ගනී – සඟවන්නේ මෙලෙසයි

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවෙකුට ලබාදීමට හෙරොයින් රැගෙන ආ කාන්තාවක් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය හෙරොයින් ග‍්‍රෑම් 5කට ආසන්න ප‍්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 3 කට ආසන්න ප‍්‍රමාණයක් රැගෙනවිත් තිබූ බවයි වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් පවසන්නේ.

බෙහෙත් ආලේපනයක ඉතා සූක්‍ෂම ලෙස සගවා මෙම මත්ද්‍රව්‍ය සිරකරුවෙකුට ලබාදීමටයි එම කාන්තාව උත්සාහ කර ඇත්තේ. පසුව ඇය බොරැල්ල පොලීසියට භාරදී තිබෙනවා.

වැල්ලවත්ත ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 65 ක් වන මෙම කාන්තාවද හෙරොයින් පානයට ඇබ්බැහි වූ තැනැත්තියක් බවයි පොලීසිය පැවසුවේ. ඇය මීට පෙර බන්ධනාගාරගත වූ තැනැත්තියක් බවද විමර්ශනවලදි අනාවරණ වී තිබෙනවා. ඇය අද (03) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *