ලෝක කාන්තා දිනයට සමගාමිව හෙට සිට (08) කාර්යාල දුම්රිය හතකට (07) කාන්තාවන් සඳහා වෙන්වු කාන්තා දුම්රිය මැදිරි යෙදවීම සිදු වනවා.
ඒ අනුව අලුයම 06.30 ට මීරිගම දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුක්වා ධාවනය වන අංක 525 දරණ දුම්රියේ, රඹුක්කන දුම්රිය ස්ථානයෙන් අලුයම 05.57 කොළඹ කොටුව දක්වා ගමන් අරඹන දුම්රියේත්, පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් අලුයම 05.25 කොළඹ කොටුව දක්වා ගමන් අරඹන දුම්රියේත්, මහව දුම්රිය ස්ථානයෙන් අලුයම 04.45 ට ගමන් අරඹන දුම්රියේත්, පුත්තලම දුම්රිය ස්ථානයෙන් අලුයම 04.30 මරදාන බලා ගමන් අරඹන බංගදෙනිය දුම්රියේත්, ගාල්ල දුම්රිය ස්ථානයෙන් අලුයම 05.00 ට සිට මරදාන දක්වා ගමන් අරඹන සමුද්‍රදේවී දුම්රියේත්, මාතර දුම්රිය ස්ථානයෙන් අලුයම 05.00 ට මරදාන බලා ගමන් අරඹන කාර්යාල දුම්රිය වලට කාන්තා දුම්රිය මැදිරිය බැගින් යොදවීමට පියවර ගෙන තිබෙනවා.
ප්‍රථම අදියර යටතේ කාර්යාල දුම්රිය වලට කාන්තා මැදිරි යොදවන අතර ඉදිරියේදි අනික් දුම්රිය වලටද කාන්තා මැදිරි යෙදවීමට තිරණය කර ඇතැයිද ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.