“කණ පැලෙන්න ගහනවා..අත්පුඩි ගහන්න” – හිටපු ජනපතිනිය වත්මන් ජනපති ඉදිරියේම කියයි

තමන් එජාපයට තල්ලු කිරීමේ උත්සාහයක් ඇති නමුත් මියෙන තුරා එජාපයට නොයන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසනවා.

එජාපයට යන්නේදැයි කිසිවෙකු යලිත් ඇසුවොත් කණ පැලෙන්න ගහන බවත් ඇය සඳහන් කළා.

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කොළඹ පැවති උත්සවයක් අමතමින් ඇය කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත් කිරීමේ උත්සාහයක් පසුගිය මාස දෙක තුනේ සිට ක්‍රියාත්මක වන බවයි.

යහපාලන ආණ්ඩුව විසින් කාන්තාවන්ට දිනා දුන් ජයග්‍රහණ ගැන කියමින් ‘අත්පුඩි ගහන්න. බලාගෙන ඉන්නෙ නැතිව’ යයිද ඇය එහිදී සඳහන් කළ අතර ඉන් පසුව රැස්ව සිටි පිරිස අත්පොලසන් ලබා දුන්නා.

මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද එක්ව සිටියා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *