කොළඹ චීන සමාගමක කම්කරුවකු පැනගොස් සැඟවී සිටියදී හසුවේ – අසනීප තත්ත්වයකින් පසුවේ

කොළඹ කොම්පඤ්ඤවීදියේ චීන සමාගමක කම්කරුවකු ලෙස කටයුතු කළ පුද්ගලයකු හැටන් ප්‍රදේශයට පැන සැඟව සිටියදී වතු කම්කරුවන් පිරිසක් විසින් අල්ලා ඊයේ (8 ) ඔහු පොලිසියට භාරදී තිබුණා.

යම් රෝගී තත්ත්වයකින්ද පෙළුණු මෙම පුද්ගලයා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

කඩවත ඉහළ බියන්විල පදිංචි ලියනගේ අබේපාල නම් 53 හැවිරිදි මෙම පුද්ගලයා කොළඹට ඇඳිරි නීතිය පැනවීමත් සමග ලොරියක නැගී මහනුවරට පැමිණ ඇතැයි පැවසෙනවා.

ඉන්පසු ඔහු හැටන් ප්‍රදේශයට ගොස් ඇත්තේ මීට දින පහකට පමණ පෙරයි.

මෙම පුද්ගලයා අල්ලා ගන්නා අවස්ථාව වන විට දින කිහිපයක්ම කුසගින්නේ සිට ඇති බවද සෞඛ්‍ය අංශ මගින් අනාවරණය කර ගෙන තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *