ඇඳිරි නීතිය ඉවත් කරන්න එපා..දැඩි ක්‍රියාමාර්ග ගන්න – රජයට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අවවාද

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සඳහා විටින් විට ඇඳිරි නීතිය ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරනවා.

එමෙන්ම දැනට පවතින තත්ත්වය අනුව මේ මොහොතේ ගත හැකි දැඩි ක්‍රියාමාර්ග මගින් මෙම වෛරසය මර්දනය කර ගැනීමට කටයුතු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවවාද කරන බවද එම සංගමය කියා සිටිනවා.

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සඳහා සමාජ දුරස්ථකරණ්‍ය 80%ට වැඩියෙන් පවත්වා ගන්නා ලෙසත් ඒ සඳහා සියලු පුරවැසියන් හැකිතාක් දුරට තම නිවස තුළටම වී සිටින ලෙසත් එම සංගමය ජනතාවට දැනුම් දෙනවා.

මීට අමතරව පොදු ජනතාව විසින් මුඛ ආවරණ පැලඳීම පිළිබඳ දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති උපදෙස් නැවත සමාලෝචනය කිරීම සඳහා කාලය එළැඹෙමින් පවතින බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *