MCG පරදන ලොව විශාලතම ක්‍රිකට් පිටිය ලබන ජනවාරියේ සිටි විවෘතයි

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදි කිරීම් කටයුතු ලබන ජනවාරි මාසයේ දී අවසන් වීමට නියමිතව පවතින බව ඉන්දියානු ක්‍රිකට් යාතනය පවසනවා.

මෙම ක්‍රීඩාංගනය මේ වන විට ඉදිවෙමින් පවතින්නේ ඉන්දියාවේ ගුජරාට් ප්‍රදේශයේයි.

එහි ඉදි කිරීම්වලින් මේ වන විට 90%ක වැඩ අවසන්ව ඇති අතර මෙතෙක් ලෝකයේ විශාලතම ක්‍රීඩාංගනය වන මෙල්බර්න් ක්‍රීඩාංගනයට වඩා විශාලත්වයෙන් වැඩි වනවා.

මෙල්බර්න් ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකයින් 95,000 කට තරග නැරඹීමේ හැකියාව පවතින නමුත් ඉදිවෙමින් පවතින ගුජරාට් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තරග නැරඹිය හැකිප්‍රේක්ෂකයින්ගේ සංඛ්‍යාව 1,10,000 ක් බවයි වාර්තා වන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *