චීන ජනපති ෂී ජින්පින්ග් ප්‍රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජිකයින් වයඹ දිග චීනයේ ෂැන්සි පළාතේ පැරණි විප්ලවවාදී කඳවුරක් වන යානාන් (Yan’an) හි සංචාරයක නිරත වූ බව එරට රාජ්‍ය මාධ්‍ය වන ෂින්හුවා පුවත් ඒජන්සිය වාර්තා කළේය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 7 වැනි ජාතික කොංග්‍රසය පැවති ස්ථානය, දිවංගත චීන නායක මාඕ සේතුං ගේ හිටපු නිවස සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පැවති වසර 13 ක ඉතිහාසය ඇතුළත් යාන් විප්ලවවාදී අනුස්මරණ ශාලාවේ ප්‍රදර්ශනයක් නැරඹීමට ද ඔවුන් මෙහි දී සහභාගී වී තිබිණි.
The Washington පුවත්පත, මාඕ සේතුං ගේ කොමියුනිස්ට් පක්ෂය විසින් ජාතිය අත්පත් කර ගැනීමේ තොටිල්ල ලෙස සැලකෙන යානාන් කඳවුර වෙත සිදු කළ ෂීගේ මෙම සංචාරය විග්‍රහ කර තිබුණේ ඔහුගේ අලුතින් පත් කරන ලද ඉහළම ලුතිනන්වරුන් වෙත සිදු කළ සංකේතාත්මක ක්ෂේත්‍ර චාරිකාවක් ලෙසයි.
මාඕ සිය රතු හමුදා භටයන් මෙහෙයවූ කඳවුර තුළ සිටගෙන, දශක ගණනාවකට පසු චීනයේ බලවත්ම නායකයා ලෙස ෂී, පක්ෂපාතීත්වය, වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ පරිත්‍යාග කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව දැඩිව අනතුරු ඇඟවීම් සිදු කර ඇති බව Washington Post පුවත්පත වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම චීන ජනාධිපති ලෙස ෂී ගේ ඓතිහාසික තුන්වන ධුර කාලය තුළ ආර්ථිකය, විදේශ සබඳතා සහ මානව හිමිකම් සම්බන්ධයෙන් බීජිං වෙතින් වඩාත් දැඩි ප්‍රතිපත්ති දැකිය හැකි බව විශ්ලේෂකයින් වොෂින්ටනය පදනම් කරගත් Radio Free Asia (RFA) වෙත පවසා තිබේ.
ෂී ගේ යානාන් කඳවුරේ සංචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීනයේ ආර්ථිකය සහ ආයතන පිළිබඳ ස්ටැන්ෆෝර්ඩ් මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විශාරදයකු වන ග්වෝග්වැන්ග් වූ පවසා ඇත්තේ මාඕ සම්ප්‍රදාය සාර්ථක වන බව ෂී මෙහිලා අවධාරණය කර ඇති බවයි.
ග්වෝග්වැන්ග්ට අනුව, දිවංගත උත්තරීතර නායක මාඕ සේතුං වෙත ඔහුගේ අගමැති පත් කර ගැනීමේදී තිබු බලයට වැඩි බලයක් තමා අභිමත අගමැතිවරයෙක් පත් කිරීම කෙරෙහි ෂී ජින් පින් සතු වනු ඇත.
කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික සම්මේලනයේ දී ඔහු තෙවැනි වරටත් රටේ ඉහළම නායකයා බවට පත්වෙමින් බලය අත්පත් කරගත්තේ ඔහුට එරෙහිව නැගී සිටීමට තරම් කිසිවකුට එඩිතර විය නොහැකි බවත් චීනයේ බල පද්ධතියේ න්‍යෂ්ටිය ඔහු බවත් පෙන්නුම් කරමිනි