ඉන්දියාව ගෝලීය සාගත දර්ශක වාර්තාව ප්‍රතික්ෂේප කරයි

ගෝලීය සාගතය පිළිබඳ දර්ශකයේ රට පහළ මට්ටමින් ශ්‍රේණිගත කිරීම “ඉන්දියාවේ ප්‍රතිරූපය කෙළෙසීමේ” අපේක්ෂාවෙන් හිතාමතා සිදු කළ අසත්‍ය තොරතුරු සම්පාදනය කිරීමක් බව පවසමින් ඉන්දීය රජය එම වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කර තිබේ.

මේ මස මුලදී නිකුත් වූ ගෝලීය කුසගින්න පිළිබඳ දර්ශකයට අනුව 107 වන ස්ථානයේ පසුවන ඉන්දියාව සිටින්නේ එම දර්ශකයේ ශ්‍රී ලංකාව (64), නේපාලය (81), බංග්ලාදේශය (84), සහ පාකිස්තානය (99) ට වඩා පහළිනි.

දර්ශකයේ ඉන්දියාවට වඩා නරක ස්ථානයක සිටින දකුණු ආසියාවේ එකම රට ඇෆ්ගනිස්ථානය (109) වේ.

දර්ශකයට අනුව රට තුළ ජනගහනයේ අනුපාතයෙහි මිනුමක් වන මන්දපෝෂණයේ ව්‍යාප්තිය 2018-2020 දී පසු වුණු 14.6% සිට 2019-2021 වර්ෂයන්හි දී 16.3% දක්වා ඉහළ ගොස් ඇත.

ඉන්දීය රජය මෙම වාර්තාව ප්‍රතික්ෂේප කර ඇත්තේ එය ළමුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බවත් එය සමස්ත ජනගහනයම නියෝජනය නොකරන බවත් පවසමිනි.

දර්ශකය විශේෂයෙන් කොවිඩ් වසංගතය තුළ ජනගහනය සඳහා ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා රජය විසින් ගනු ලබන උත්සාහයන් හිතාමතාම නොසලකා හැර ඇති බවට රජය චෝදනා කරයි.

මේ අතර අනෙකුත් දර්ශකයන් හි දියුණුවක් පෙන්නුම් කර ඇති ඉන්දියාවේ 2014 සහ 2022 අතර ළමා වර්ධනය අඩාලවීම 38.7% සිට 35.5% දක්වා පහත වැටී ඇති අතර එම කාලසීමාව තුළ ළමා මරණ ද සංසන්දනාත්මකව 4.6% සිට 3.3% දක්වා පහත වැටී ඇතැයි ගෝලීය වාර්තා පෙන්වා දී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් බහුමාන දරිද්‍රතාවය පිළිබඳ මෑතකදී සිදු කළ තක්සේරුවකට අනුව, 2015-2016 සහ 2019-2022 අතර එනම් අගමැති මෝදි බලයට පත් වූ දා සිට එහි මිලියන 140 ක ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදා ගෙන ඇති බව පෙන්වා දී තිබිණි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *