යොහානිව ඉහළින් පිළිගනී

සංගීත රැල්ලක පිබිදීමත් සමග පසුගියදා ඉන්දියාවේ සංචාරයකට ගිය ගායිකා යොහානි තිලෝකා ද සිල්වා එය අවසන් කර අද(13) යළි ශ්‍රී ලංකාවට පැමිණියාය.

ශ්‍රී ලංකාව් සංචාරක ව්‍යාපාරයට උදව්වක් මෙන්ම සංගීතය ඇතුළු ක්ෂෙත්‍ර ගණනාවකට කීර්තියක් අත්කරදුන් ඇයගේ පැමිණීමට සතුට පළකරමින් ශ්‍රී ලංකා එයාර් ලයින්ස් ගුවන් තොටුපාළේදී ඇයව පිළිගනු ලැබීය

“මැණිකේ මගේ හිතේ ” ගීතයෙන් මෙරට මෙන්ම ජාත්‍යන්තරය දිනාගත් නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වාගේ පළමු ජාත්‍යන්තර ගෘහස්ත ප්‍රසංගය පසුගිය දා ඉන්දියාවේ නවදිල්ලියේදී පැවැත්වුණි.

මේ අතර බොලිවුඩ් චිත්‍රපටයක හින්දි භාෂාවෙන් පසුබිම් ගායනයට දායක වීමටත් යොහානිට අවස්ථාව හිමිවීම විශේෂත්වයකි.

එමෙන් ම යොහානි ද සිල්වා ඉන්දියාවේ අතිශය ජනප්‍රිය ‘බිග් බොස්’ වැඩසටහනේ විශේෂ ආරාධිතයා ලෙස ද පසුගිය දා සහභාගී විය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *