ජපානයේ කෝටිපති ලාබාල දියණියක් ‘අපහරණය කර පැහැර ගෙන’ ලංකාවට ගෙනැවිත් – ජපානයෙනුත් ඇවිත් ලංකාවේ සොයයි

වැඩිදුර අධ්‍යාපනය සඳහා ජපානයට ගොස් එහි කෝටිපති ව්‍යාපාරිකයකුගේ බාලවයස්කාර 15 හැවිරිදි එකම දියණිය අපහරණය කර ශ්‍රී ලංකාවට පැමිණ සැගව සිටින 24 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයකු අත්අඩංගුවට ගැනීම සඳහා කොච්චිකඬේ පොලිසිය පුළුල් විමර්ශනයක් අරඹා තිබෙනවා.

දැනට මාස 7 ක පමණ කාලය තුළ එම සැකකාර තරුණයාත්, ජපන් තරුණියත් සොයා ගත නොහැකි පරිදි අතුරුදන් වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

තම බාලවයස්කාර දියණිය අපහරණය කිරීම සම්බන්ධයෙන් එම තරුණියගේ මව වන ‘‘ඔටිනි සෝරා’’ මහත්මිය විසින් 24 හැවිරිදි සැකකාර ශ්‍රී ලාංකික පෙම්වතා විසින් තම දියණිය පැහැර ගත් දිනට පසු දින ජපානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ කොච්චිකඬේ පොලිසියට 2020 මාර්තු මස 15 දින පැමිණිලිකර තිබෙනවා.

සැකකාර තරුණයා විසින් බාලවයස්කාර ජපන් පෙම්වතිය ජපානයේදී පැහැරගෙන ඇත්තේ 2020 මාර්තු මස 13 වෙනි දිනදීය.

මෙම පැමිණිල්ල කළ ජපන් තරුණියගේ මව විසින් ලබාදුන් කටඋත්තර අනුව කොච්චිකඬේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ශ්‍රීනික ජයකොඩි මහතා විසින් සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙහි සැකකාර පෙම්වතා කොච්චිකඬේ දළුවකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

ඔහු දැනට වසර 4 කට පමණ පෙර අධ්‍යාපනය සඳහා ජපානයට ගොස් ඇත. එහිදී අමතර වියදම් සොයා ගැනීම සඳහා අධ්‍යාපනය ලබන අතරතුර ජපානයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසේ අමතර රැකියාවක් (Part Time)) කර තිබෙනවා.

පසුව එම නිවසේ සිටි කෝටිපති ව්‍යාපාරිකයාගේ බාලවයස්කාර 15 හැවිරිදි එකම දියණිය සමග පෙම් සබඳතාවක් ඇගේ වැඩිහිටියන්ට හොරා පවත්වා තිබෙනවා.

ටික කලකින් එම ජපන් පෙම්වතියගේ දෙමාපිය භාරකාරීන්ට හොරා බාලවයස්කාර පෙම්වතිය අපහරණය කර (පැහැරගෙන) ගුවන් මගින් ශ්‍රී ලංකාවට පලා විත් තිබෙනවා.

පසුව තම දියණියට අත්වූ ඉරණම පිළිබඳ දැනගත් ජපන් තරුණියගේ මව විසින් මේ පිළිබඳව ජපන් තානාපති කාර්යාලයට සහ පොලිසියට පැමිණිලි කොට තිබුණා.

තම පෙම්වතියගේ මව ජපානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන බව දැනගත් සැකකාර පෙම්වතා තම නැගෙණියගේද සහාය ඇතිව කොච්චිකඬේ පලඟතුරේ පිහිටි සංචාරක හෝටලයකට පැමිණ තම ජපන් පෙම්වතිය සමග අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.

මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා 2020 මාර්තු මස 15 වෙනි දින සිට මාස 7 ක පමණ කාලයක් පොලිසිය උත්සාහ කළත් එම තැත ව්‍යර්ථ වී තිබෙනවා.

පසුව මෙම පැහැර ගැනීම පිළිබඳව අධිකරණය වෙත වාර්තා කිරීමෙන් අනතුරුව සැකකාර පෙම්වතාට විදේශගත වීම තහනම් කරනු ලැබුවා.

එම පැහැර ගැනීමට ආධාර සහ අනුබල දීමේ චෝදනා ලැබූ සැකකාර තරුණයාගේ මව නැෙඟණිය සහ අපහරණයට යොදාගත් මෝටර් රථයේ හිමිකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ඇපමත මුදාහැර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *