ඔබේ දරුවා ඉදිරියේ දී හඳුන්වන්නේ අංකයකින් පමණයි – දරුවන් වෙනුවෙන් ගත් තීරණය නිවේදනය කෙරේ

ලක්‍ෂ 43ක් වන පාසල් සිසු දරුවන් සඳහා ශිෂ්‍ය අනන්‍යතා අංකයක් දීමේ නවමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර සිසුන් ලක්‍ෂ 39ක් වෙනුවෙන් මේ වන විට මෙම ව්‍යාපෘතිය යටතේ තොරතුරු එක්රැස් කර අවසන් වී ඇතැයි අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම පවසනවා.

සෑම ශිෂ්‍යයකු සම්බන්ධ සියලු තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශය සහ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මෙම වැඩසටහන යටතේ එක් රැස් කෙරෙන බව ඇමැතිවරයා සඳහන් කළා.

මෙම අනන්‍යතා අංකය, පාසලට ඇතුළත් වීමත් සමඟ ශිෂ්‍යයකුට හිමිවන අතර එතැන් පටන් එම ශිෂ්‍යයා හඳුන්වනු ලබන්නේ එම අංකය මඟින් බව සඳහන් කරන ඇමැතිවරයා, ශිෂ්‍යයා විභාගයකට පෙනී සිටීමේදී ඔහුට හෝ ඇයට හිමිවන විභාග අංකයද එම ශිෂ්‍යයාගේ අනන්‍යතා අංකය වනු ඇතැයි අවධාරණය කරනවා.

මෙම අංකය විභාග දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ කෙරෙන බවත්, ශිෂ්‍යයකු සම්බන්ධයෙන් වන ඕනෑම කටයුත්තකදී මෙම අංකය දීම සිදුවනු ඇතැයි හෙතෙම සඳහන් කළා.

ලෝකයේ රටවල් බොහෝමයක මෙම ශිෂ්‍ය අනන්‍යතා අංක ක්‍රමය ක්‍රියාත්මක කෙරෙන බවද ඇමැති ඩලස් අලහප්පෙරුම පැවැසුවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *