තමන් ලැබූ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අයිති නොමැති බව ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් පවසනවා.
ස්විස්ටර්ලන්තයේ ඊයේ (03) පැවති ධාවන තරඟයකදී දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස කිරුළ පැලදීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ මෙම ජයග්‍රහණය තමන්ට සහ තම කණ්ඩායමට පමණක් අයිති බවයි.
42 වන රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර මළල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර 100 ඉසව්ව තත්පර නවයයි දශම නවයයි හයකින් නිම කරමින් යුපුන් අබේකෝන් තමන් පිහිටවූ වාර්තාවම අලුත් කළ අතර එය නව දකුණු ආසියානු වාර්තාවක් ද වනවා.