ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යානය සතුව සිටි එකම පිරිමි සීබ්‍රා ඊයේ රාත්‍රියේ අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
සත්වෝද්‍යාන සේවකයින් චෝදනා කරන්නේ සත්ත්වයා ප්‍රවාහනය කිරීමේදී ලබාදී තිබූ ඖෂධ අධිමාත්‍රාවක් මෙම මරණයට හේතුවී ඇති බවටය.
මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරමින් සත්වෝද්‍යාන සේවකයින් අද දෙහිවල සත්වෝද්‍යානය ඉදිරිපිටදී විරෝධතාවයක නියැලිනි,
සත්ත්ව හුවමාරු වැඩසටහනක් යටතේ මෙම පිරිමි සීබ්‍රා මීට වසර 06කට පෙර චීනයෙන් මෙරටට ලැබී තිබුණි.
කලකට ඉහතදී මෙම සත්ත්වයා රිදියගම සෆාරි උද්‍යානය වෙත රැගෙන ගොස් තිබුණි
දෙහිවල සත්වෝද්‍යානයේ සිටින ගැහැණු සීබ්‍රා සත්ත්වයින් දෙදෙනෙකු වෙත පැටව් බෝකිරීමේ අරමුණින් එම සත්ත්වයා රිදියගම සෆාරි උද්‍යානයේ සිට මීට දින 03කට පෙර නැවත ගෙනවිත් ඇත.
සත්වෝද්‍යාන සේවකයින් පවසන්නේ එහිදී ලබාදී තිබූ ඖෂධ අධිමාත්‍රාව මෙම මරණයට හේතුවී ඇති බවටය.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා පැවසුවේ මෙම සිදුවීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකරන බවය.