“අන්තර්ගතය පාලනය ආණ්ඩු බලා ගත යුතුයි” – සකර්බර්ග් ආණ්ඩුවලට බලය පවරන ලකුණු !

“ෆේස්බුක් ලයිව්” සම්බන්ධයෙන් සීමා පනවා සමාජ සාරධර්ම උල්ලංඝණය වන අයුරින් සිදුවන ක්‍රියාකාරකම් ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ සජීවීව පැතිර යාමට ඇති හැකියාවන් සඳහා සීමා පනවන බව ෆේස්බුක් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ෂර්ලි සැන්ඞ්බර්ග් පවසනවා.

ෆේස්බුක් සමාගම මෙම තීරණයට එළඹ ඇත්තේ නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර පිහිටි ඉස්ලාම් දේවස්ථාන දෙකක් ඉලක්ක කර ඉකුත් දා එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය ෆේස්බුක් සමාජ ජාලය හරහා සජීවීව විකාශය කිරීමත් සමගයි.

කෙසේ වෙතත් අන්තර්ජාලයේ අන්තර්ගතය පාලනය කිරීමට නියාමන ආයතන හා රජයන් වගබලා ගත යුතු බව ෆේස්බුක් සමාගමේ හිමිකරු මාර්ක් සකර්බර්ග් පවසනවා.

සුප්‍රකට අමෙරිකානු පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එකවෙමින් ඔහු පැවසුවේ සමාජ සාරධර්ම සඳහා හානිවන අන්තර්ජාල අන්තර්ගතයන් නිරීක්ෂණය කිරීමේ වගකීම පමණක් සමාජ මාධ්‍ය ජාල සමාගම් සතුවන බවයි.

එවැනි හානිකර අන්තර්ගතයන් හා පෞද්ගලිකත්වය මෙන්ම දත්ත අඩංගු කිරීම සම්බන්ධයෙන් නව නීති පැනවිය යුතු බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *