ආණ්ඩුකාරවරුන්ගේ වෙනසක්?

වයඹ ඇතුළු දිවයිනේ පළාත් කීපයක ආණ්ඩුකාර තනතුරු වෙනස් කිරීමේ සූදානමක් මේ වනවිට පවතින වාර්තාවේ.රජයේ එම සූදානමට අනුව වයඹ පළාත් ආණ්ඩුකාර තනතුර දරන ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා දකුණු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

දකුණේ රජය නියෝජනය කරන දේශපාලනඥයන් වන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහත්වරුන්ගේ ඉල්ලීමකට අනුව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා දකුණේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමට නියමිත බව පැවසේ.එසේ වුවහොත් දකුණේ ආණ්ඩුකාරවරයා ලෙස දිගු කලක් කටයුතු කරමින් සිටින විලී ගමගේ මහතා එම තනතුරෙන් විශ්‍රාම ලැබීමට නියමිත බව පැවසේ.

ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගෙන් හිස් වන වයඹ පළාත් ආණ්ඩුකාර තනතුර සඳහා නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති නසීර් අහමඩ් මහතාගේ නම මෙන්ම මෑතකදී හදිසි අනතුරකින් අභාවප්‍රාප්තවූ දේශපාලනඥයෙකුගේ බිරිඳගේ නමද පවතින බව වාර්තාවේ. ඇය තම සැමියා සමග ක්‍රියාකාරී දේශපාලනයෙහි නිරත වූ ජනතාව අතරේ ජනප්‍රිය අයෙකු වුවද බොහෝවිට නසීර් අහමඩ් මහතාට එම තනතුර හිමිවනු ඇති බවට විශ්වාස කෙරේ.

ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් ආසන්නයේ පවතින කාලසීමාවක් තුළ බොහෝවිට ඉදිරි සති කීපය තුළ මෙම තනතුරු වෙනස් වීමට ඉඩ ඇති බවද වාර්තාවේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *