රාජ්‍ය ඇමති චාමර ගමන්කළ රථය එක්වරම ගිනිගනී

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ නිල වාහනය අද අලුයම කාලයේදී ගිනි ගැනීමට ලක්ව තිබේ.

හල්පෙ ප්‍රදේශයේදී මෙම ගිනි ගැනීම ඇතිව තිබෙන්නේ එහි ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙනි.

රාජ්‍ය අමාත්‍යවරයා මහියංගණයේ සිට ඇල්ල බලා ගමන් කරමින් සිටියදී මෙම ගිනි ගැනීම සිදුව ඇති අතර ඉන් අමාත්‍යවරයාට හෝ රියදුරාට හානියක් සිදුවී නැත.

බණ්ඩාරවෙල නගර සභාවේ ගිනි නිවන ඒකකය පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *