අනතුරුවලට වැඩිම හේතුව ටයර්..ටයරය කල් ඉකුත්වන බව දන්නවා ද – මේ ගැනත් සිතන්න

ප්‍රමිතියෙන් තොර අඩු මිලට ආනයනය කරන ටයර් සහ කල් ඉකුත් වූ ටයර් නැවත පුරවා අලෙවි කිරීම රිය අනතුරු සිදුවීමට හේතුවක් වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදු කළ අධ්‍යයනයකදී හෙළි වී තිබෙනවා.

වාහන රියැදුරන්, ටයර් ආනයනකරුවන්, දේශීය නිෂ්පාදකයන් ආශ්‍රිතව මෙම අධ්‍යයනය සිදුකර තිබුණා.

ටයරයක් මිලදී ගැනීමේදී එහි කල් ඉකුත්වන දිනය සටහන් කර ඇතත් පාරිභෝගිකයන් මිල පමණක් සලකා බලන බව අධ්‍යයනයේදී හෙළි වී තිබෙනවා.

ටයරයක ආයු කාලය වසර 04 ක් පමණ වුව ද එම කාලය ඉකුත් වූ ටයර නැවත පුරවා වෙළෙඳපොළේ අලෙවි කිරීම රිය අනතුරුවලට හේතුවක් වී තිබෙනවා.මෙම ටයර් ඉතාමත් අඩු මුදලට වෙළෙඳපොළේ අලෙවි කරන බවයි පැවසෙන්නේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ටයර් සඳහා ප්‍රමිති සහතිකයක් නිකුත් කරනු ලබන අතර ප්‍රමිතියෙන් යුත් ටයර් පමණක් අලෙවි කළ යුතු බව සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතු බව අධ්‍යයනයට භාජනය වූවන් අධිකාරියට යෝජනා කළ බව අධ්‍යක්ෂිකා සමන්තා කරුණාරත්න මහත්මිය ප්‍රකාශ කළා.

පාරිභෝගිකයන් මිල ගැන පමණක් සලකා බලන බවත්, ටයරයේ ප්‍රමිතිය පිළිබඳ සොයා නොබලන බවත් ඇය අවධාරණය කර සිටියා.

ශ්‍රී ලංකාවේ සිටින ප්‍රධාන පෙළේ ටයර් ආනයනකරුවන් 15 දෙනා විසින් 2017 වසරේදී ටයර් මිලියන 1.6 ක් ආනයනය කර ඇති අතර 2018 වර්ෂයේ ජූලි මාසය වන විට එම ආනයනකරුවන් ටයර් ලක්ෂ 08 ක් ආනයනය කර තිබෙනවා.

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.