ඥාණසාර හිමිට සිවුර ගලවා ජම්පරයක් අන්දයි. ෆොන්සේකා සිටි කූඩුවේ සිරකරයි.

ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ චෝදනාවට වැරදිකරු කරමින් වසර හතරකට බරපතළ සිරදඬුවම් නියම කරන ලද ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ වන විට වැලිකඩ බන්ධනාගාර R වාට්ටුවට යොමු කර තිබේ.

මීට පෙර එම වාට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාද රඳවා සිටියේය.

වැලිකඩ බන්ධනාගාරයේදී ඥානසාර හිමියන්ට සිරකරුවන් වෙනුවෙන් ලබාදෙන ජම්පරය භාරදී තිබේ.

මෙවර ඥානසාර හිමියන් කිසි විරෝධයක් නොපා සිවුර ඉවත් කර ජම්පරය බාරගෙන එය ඇඳගෙන ඇති බවද වාර්තා වෙයි.

එය අනුව මේ වන විට ඥානසාර හිමියන්ගේ නම ලෙස සිරකරු අංකයක් ලබා දී ඇති අතර බන්ධනාගාරය තුළදී එම අංකයෙන් පමණක් අමතනු ලබයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *