මහේල සහ ක්‍රිස්ටිනාගේ සොදුරු මතකයන් පෙළක් (Photos)

මහේලගේ මුල් විවාහය 2005-2018 කාලයේ ක්‍රිස්ටිනා මල්ලිකා සිරිසේන සමග පැවති අතර ඔවුන්ගේ එකම දියණිය සන්සා ආර්යා දැන් 8 හැවිරිදි වියෙහි පසුවන්නීය.

2018 මහේල බිරියගෙන් වෙන්වූ පසු දියණිය සිටින්නේ මව භාරයේය.

ශ්‍රී ලාංකික – ඩෙන්මාර්ක දෙමාපියන්ට දාව උපන් ක්‍රිස්ටිනා වෘත්තියෙන් සංචාරක උපදේශකවරියකි. ඇය ඩෙන්මාර්කයේ උපත ලැබූ අතර, ඇයට යන්තම් අවුරුදු දෙකේදී නිවාඩුවකට තම දෙමාපියන් සමඟ ලංකාවට පැමිණ පසුව 1990 දී ස්ථිරව පදිංචි වූ බවත් මහේලව සාදයකදී මුණගැසී දැනහඳුනාගත් බවත් පැවසිණි.

ගතවූ කාලයේ ඔහු පවුල වෙනුවෙන් අඩුවෙන් කාලය ගත කළ අයුරු හා විවාහ ජීවිතයේ හැලහැප්පීම් වලට මුහුණදුන් බවට විවිධ ආරංචි වරින්වර පැතිරිණි.
මහේල ජයවර්ධන ක්‍රිස්ටිනා මල්ලිකා සිරිසේන සමඟ 2005 නොවැම්බර් 3 වැනි දින විවාහ වූ අතර මෙම යුවළට දරුවෙකු ලැබුනේ විවාහයෙන් වසර 8 කට පසුය.

ඔවුනගේ විවාහයේ ඇතිවූ ප්‍රශ්න තවමත් ප්‍රසිද්ධ කර නැත.

මහේල කැදැල්ලේ පැරණි සොඳුරු මතකයන් කිහිපයක් වෙත අවධානය යොමු කරමු.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *