තලිබාන් රාජ්‍යයට ජාත්‍යන්තර පිළිගැනීම ඉල්ලා මහ සමුළුවක්

තලිබාන් රජයට පිළිගැනීමක් ලබාදෙන ලෙසට ජාත්‍යන්තරයට බලපෑම් කිරීම සඳහා පැවැති තෙදින සමුළුවේදී සම්මත කරගත් යෝජනා 11 කින් සමන්විත ප්‍රතිපත්ති මාලාවක් එළිදක්වා තිබේ.
එරට ඉස්ලාම් ආගමික නායකයන් හා ග්‍රෝතික නායකයන් එක්ව මෙම ආගමික මහා සමුළුව සංවිධානය කර තිබුණේ ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරදීය.
තලිබාන් නීති පද්ධතියට අනුකූලව පිරිමි පාර්ශ්වය පමණක් සහභාගිත්වයෙන් ‍මෙම සමුළුව සංවිධානය කර තිබිණි.
කාන්තාවන්ට ද්විතියක අධ්‍යාපනය ලබාගැනීමට ඇති හැකියාව ආදී සංවේදී කාරණා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට හැකි බව තලිබාන් පාලකයන් ඊට පෙර පවසා තිබිණි.
කෙසේ නමුත් අදාළ සමුළුව දින තුනකින් අවසන් වුවද අපේක්ෂා කළ කාරණා ඉටුනොවූ බව තලිබාන් පාලනය ප්‍රකාශ කර තිබේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *