ලබන සඳුදා කොළඹ සහ අවට බස් වර්ජනයේ – ගාලු පාරේ කිලෝමීටරයට පැය කාලක් ගතවන බවට චෝදනා

බස් ප්‍රමුඛතා මංතීරුවට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ එක්කිරීමට විරෝධය දක්වමින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බස් රියැදුරන් එළැඹෙන සඳුදා (21 ) ධාවනයෙන් ඉවත් වන බව තමාට දැනුම්දී ඇතැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරනවා.

ධාවනයෙන් ඉවත්වීම පොදු තීරණයක් නොවන බව පැවසූ සභාපතිවරයා බස් සේවකයන් මෙන්ම මගීන්ද මෙහිදී එකසේ අපහසුතාවයට ලක්වන බව පෙනවා දුන්නා.

විශේෂයෙන් කඩුවෙල – කොල්ලුපිටිය බස් මාර්ගයේ සහ ගාලු පාරේ ඇතැම් ස්ථානවල කිලෝමීටර් භාගයක් ධාවනය කිරීමට බස් රථවලට පැයක කාලයක් ගතවී ඇති බවටත් මේ හේතුවෙන් මගීන් බස්වලින් බැස පයින් ගමන් කරන බවටත් පැමිණිලි ලැබෙන බවද ඔහු සඳහන් කළා.

මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ලොව පිළිගත් නිර්ණායක උල්ලංඝනය කරමින් බස් ප්‍රමුඛතා මංතීරු වෙත යතුරු පැදි සහ ත්‍රිරෝද රථ බලහත්කාරී ලෙස එක් කිරීම සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමයද හෙළි දකින බව එහි කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත පැවැසුවා.

2015 නොවැම්බර් මස 12 වැනිදා නිකුත් කරන ලද අංක 1940/21 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව බස් ප්‍රමුඛතා මංතීරුව පොදු ප්‍රවාහනය සඳහා වෙන්කර ඇති අතර එම මංතීරුවට යතුරුපැදි එක්ක කිරීමට නීතිමය වලංගුභාවයක්ද නොමැති බව හෙතෙම කියා සිටිනවා

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *