ඉන්ධන QR කේත වංචනිකව භාවිතා කරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

වෙනත් පුද්ගලයින්ගේ QR කේත සොරකම් කර කෝටා ක්‍රමය යටතේ වංචනික ලෙස ඉන්ධන ලබා ගැනීමේ සිද්ධීන් අවම කිරීම සඳහා තාක්ෂණික පසුබිම සකස් කරමින් පවතින බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂ දසුන් හෑගොඩ මහතා පවසනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයෙන් මෙවැනි වංචනිකයින්ට එරෙහිව ඉදිරියේදී නිසි ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු සඳහන් කරන්නේ.

එබැවින් ICTA අධ්‍යක්ෂවරයා ජාතික ඉන්ධන බලපත්‍ර භාවිතා කරන්නන්ගෙන් ඉල්ලා සිටියේ QR කේතය අනෙක් අයට පෙනෙන පරිදි නිරාවරණය නොකරන ලෙසත්, දරන්නා හැර වෙනත් කිසිවෙකු එය භාවිතා නොකරන බවට සහතික වන ලෙසයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *