අසනීපව ඉන්න ගිරිරාජ් කෞෂල්‍ය ප්‍රථම වරට මාධ්‍ය ඉදිරියේ ආශිර්වාද කල​ හැමෝටම කියපුදේ

හාස්‍ය රංගන ශිල්පියෙකු ලෙස කාගේත් ආදරය දිනා ගත් ගිරිරාජ් කෞෂල්‍ය කියන්නේ වේදිකාව, පුංචි තිරය සහ සිනමාවෙනුයි ඔබ හමුවට එන විශිෂ්ඨ රංගන ශිල්පියෙක්. ඒ වගේම ඔහු චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙකුද වෙනවා.

ගිරිරාජ් කෞෂල්‍ය මහතා පසුගිය කාලසීමාව මුළුල්ලේම අසනීපව සිටි බව මේ වන විට නොදන්න කෙනෙක් නැහැ.

එතුමන් ලියුකේමියා රෝගී තත්ත්වයන් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි අතර එතුමන්ගේ තත්ත්වය අසාධ්‍ය බවයි වාර්තා වුයේ.

කොහොම වුණත් දින කිහිපයකට පෙර ගිරිරාජ් කෞෂල්‍ය මහතා ඔහුගේ ෆේස්බුක් ගිණුමට එක්තරා පොස්ටුවක් එක් කර තිබුණා.

ඒ සිය රසිකයින්ට ස්තුතිවන්ත වෙමින් ,

” මේ වෙලාවේ ඉක්මන් සුව පැතු සියලු දෙනාට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඉක්මනින්ම නාඩගම්කරයෝ තුළින් නැවත හමුවෙමු.”

ඉතින් එතුමන්ට ඉක්මණින් සුව වෙලා රසික අප රංගනය තුළින් සතුටු කරන්නට නැවතත් පැමිණෙන්නට ඉක්මනින්ම හැකියාව ලැබෙන්න කියා අපි සැවොම ප්‍රාර්ථනයක් එක් කරමු.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *