මැති ඇමැතිවරුන් 60 කට ආසන්න සංඛ්‍යාවක් රට යන්න සුදානම්

මැති ඇමැතිවරුන් 60 කට ආසන්න සංඛ්‍යාවක් වර්ෂ අවසාන නිවාඩුව ගත කිරීම සඳහා විදේශ ගතවීමට සූදානම් වෙමින් සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙසේ විදේශ ගතවීමට සූදානම් වෙමින් සිටින මැති ඇමැතිවරුන් පිරිසට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ අයද ඇතුළත් වෙති.

ඇමරිකාව එංගලන්තය ඕස්ට්‍රේලියාව ඇතුළු විවිධ රටවල ජීවත්වන සහ අධ්‍යාපනය ලබන දූ දරුවන් දැක බලා ගැනීම සඳහා තමන් නිවාඩු කාලයේදී ඒ රටවලට යෑමට බලාපොරොත්තුවන් සිටින බව මන්ත්‍රීවරු කීපදෙනෙක් පැවසූහ.

මේ අතර නිවාඩුව ගත කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් නුවරඑළියට යෑමට එහි සෙන්පති නිවෙස (General house’s) වෙන් කරවා ගෙන ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

සෙන්පති නිවෙස යනු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විවේක ගැනීම සඳහා පිහිටුවනු ලැබ ඇති ලැගුම්හලයි.

එම ලැගුම්හල මේ මස 31 වෙනිදා දක්වා වෙන්කරවාගැනීම අවසන්වී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

අයවැය විවාදය අවසන් වීමෙන් පසු පාර්ලිමේන්තුව කතානායකවරයා විසින් ජනවාරි මස 11 වැනිදා දක්වා කල් තබනු ලැබීය.අනතුරුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කෙරුණු අතර එහි කටයුතු මේ අනුව යළි ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ජනවාරි මස 18 වැනිදාය.

පාර්ලිමේන්තුවේ කටයුතු අවසන්වීම නිසා මන්ත්‍රීවරුන්ට ලැබී ඇති නිවාඩු කාලය මාසයකට වැඩිය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *