අවහන්හල් 20කදී ව්‍යාජ හෘදයාබාධයක් බව පෙන්වා බිල නොගෙවූ පුද්ගලයෙක් අත්අඩංගුවට

ස්පාඤ්ඤයේ බිල් නොගෙවීම සඳහා අවන්හල් 20කදී හෘදයාබාධයක් ව්‍යාජ ලෙස ප්‍රකාශ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ස්පාඤ්ඤයේ Blanca ප්‍රදේශයේ පොලිසිය විසින් දේශීය අවන්හල්වල විසිතුරු රාත්‍රී භෝජන සංග්‍රහයක් අනුභව කිරීම සහ පසුව හෘදයාබාධයක් මවා පෑම හේතුවෙන් රංගනයක නිරත වූ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

50 හැවිරිදි පුද්ගලයාගේ ඡායාරූපය මේ වනවිට කලාපයේ අවන්හල් අතර සංසරණය වී තිබෙනවා.

ඔහු අවන්හල් 20කට වැඩි ප්‍රමාණයකදී මේ රංගනයේ නිරත වී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

පසුගියදා Blanca ප්‍රදේශයේ අවන්හලක ඔහුගේ ආහාරය ගෙන අවසන් වූ පසු කාර්ය මණ්ඩලය ඩොලර් 37 ක බිලක් ඉදිරිපත් කළ විට ඔහු හෘදයාබාධයක් හටගත් බවට රංගනයේ යෙදී ඇති අතර ඔවුන් ගිලන් රථයක් වෙනුවට අවන්හලට පොලිසිය කැඳවා තිබුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *