කසිප්පු බෝතලයක් රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණි පුද්ගලයකු අත්අඩංගුවට

කසිප්පු බෝතලයක් රැගෙන  ශ්‍රීපාදය  වන්දනා කිරිමට පැමිණි පුද්ගලයකු ඉදිකටුපාන පොලිස් මුර පොලේදි අත් අඩංගුවට ගෙන තිබෙනවා.

නල්ලතන්නිය මාර්ගයෙන් ශ්‍රීපාදය වන්දනා කිරිමට පැමිණි පිරිසක් 27වන දින ඉදිකටු පහන පොලිස් මුර පොලේදී හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

මෙහිදී කසිප්පු බෝතලයක් රැගෙන පැමිණි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු නල්ලතන්නිය පොලීසියට රැගෙන ඒමට පියවර ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා ගාල්ල ප්‍රදේශයේ සිට ශ්‍රීපාදය  වන්දනා කිරිමට පැමිණි අයකු බවත් මෙම පුද්ගලයා පොලිස් ඇප මත මුදා හැර ඉදිරි දිනකදි හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාදය  වන්දනා කිරීමට පැමිණෙන පිරිස් අත් අඩංගුවට ගැනීම සඳහා විශේෂ සෝදිසි මෙහෙයුම් දිගින් දිගටම සිදු කෙරෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *