කොස් මල්ලිගේ පාතාල කල්ලියේ සිව්දෙනෙක් අත්අඩංගුවට

ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන “කොස් මල්ලී ” නැමැත්තාගේ ගෝලයින් සිව්දෙනෙක් මනුෂ්‍ය ඝාතනයක් සඳහා යමින් සිටිය දී කඩුවක් සමග අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස දූෂණ මර්දන ඒකකය සමත්ව තිබේ.

මෙම අපරාධ කල්ලිය පසුගිය අගෝස්තු මස 19 වනදා දෙහිවරල ඕබන් පෙදෙසේ දී තවත් පාතාල කල්ලි සාමාජිකයෙකු වන “ඇටයා සහ සැන්ඩෝ” දෙදෙනා ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබුණි.

වෙඩි ප්‍රහාරයෙන් අදාළ පුද්ගලයින් දෙදෙනා ජීවිතය බේරාගෙන තිබූ නමුත් ඒ අසල සිටි නගරසභා සේවකයෙකුගේ කකුලකට වෙඩි වැදී තිබුණි.

ඉලක්කය වැරදී යෑම හේතුවෙන් පසුගිය 9 වනදා නැවතත් “ඇටයා සහ සැන්ඩෝ” අධිකරණ කටයුත්තක් සඳහා ගල්කිස්ස ප්‍රදේශයට පැමිණෙන බවට ලද ආරංචියක් මත ඔවුන්ව ඝාතනය කිරීමට මෙම අපරාධ කල්ලි සැලසුම් සාදා තිබේ.

අත්අඩංගුවට ගත් සිව්දෙනා ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේ පදිංචි 35ත් 45ත් අතර වයසේ පසුවන පුද්ගලයින් බව පොලීසිය පවසයි.

සැකකරුවන් ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *