බුදු දහමට හානි කරන බෝධිසත්වයෙක් ගැන CIDයට පැමිණිල්ලක්

අවලෝකිතේෂ්වර බෝධි සත්ව නමින් පුද්ගලයෙකු බුදු දහමට හානි වන ලෙස ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් පූජ්‍ය අහුංගල්ලේ සිරි ජිනානන්ද ස්වාමීන් වහන්සේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ජනවාරි පළමුවනදා විදේශයක සිට පැමිණි මොහු නොයෙක් ස්ථානවල රැදී සිටිමින් බුදු දහම විකෘති කරමින් ප්‍රකාශ කරන බවටයි ජිනානන්ද ස්වාමීන්වහන්සේ පැමිණිල්ලෙන් දැනුම් දී තිබෙන්නේ.

මේ සම්බන්ධයෙන් යූ ටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ කරුණු දැක්වූ පූජ්‍ය ගලගම කුසලධම්ම ස්වාමීන් වහන්සේට මරණ තර්ජන සිදුකර ඇති බවටද  සදහන්.

එමෙන්ම මොහු පසුගිය දිනවල ජීවිත විනාශ කර ගැනීමට පෙළඹවූ දේශකයා මෙන් සිය දිවි හානි කර ගැනීමට පොළොඹවන බව ද ජිනානන්ද ස්වාමීන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම ගෞරවණීයම කාන්තා චරිතය වන යශෝධරා දේවියට අපහාස වන අන්දමින් මොහු ප්‍රකාශ නිකුත් කරන අතර ඔහුට එරෙහිව කටයුතු කළ හොත් පරිස්සම් වන්නැයි වැනි අදහසකින් නීතිපති හා අධිකරණ පද්ධතියට තර්ජනය කරන බවද එම පැමිණිල්ලේ සදහන් කර තිබෙනවා.

මෙම පුද්ගලයා ගැන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ ආගමික පැමිණිලි අංශය හරහා පරික්ෂා කොට නීතිය ක්‍රියාත්මක කිරීමටත් අධිකරණ නියෝගයක් ගෙන මානසික ප්‍රතිකාර සදහා රෝහලකට ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලා සිටිමිනුයි පූජ්‍ය අහුන්ගල්ලේ සිරි ජිනාන්ද ස්වාමීන් වහන්සේ පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *