මහල් නිවාසයකින් ඇද වැටී කාන්තාවක් මරුට

වැල්ලවත්ත පොලිස් වසමේ මහල් නිවාසයකින් ඇද වැටී කාන්තාවක් මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 49ක් වූ කොළඹ 6 ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මියගිය කාන්තාව මානසික රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටි අයෙකි.

මෘත ශරීරය කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇති අතර, වැල්ලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *