මාළිගාකන්දේ දී වෙඩි වැදුනු කුඩා දැරිය ජීවිතක්ෂයට

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී ඊයේ (17) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ දරුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පවසන්නේ, මියගිය දරුවාගේ පියා වෙඩික්කරු ගේ ඉලක්කය බවට පත්ව ඇති අතර ඔහු ඉකුත් වසරේ කොටහේන ප්‍රදේශයේ සිදුවු අපරාධ සිදුවීමක ප්‍රධාන සැකකරුවෙකු බවය.

මිය ගිය දැරියගේ වයස අවුරුදු 06ක් බවයි වාර්තා වන්නේ

මෙම වෙඩි තැබීමෙන් ඇයගේ පියා ද තුවාල ලැබූ අතර ඔහු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සහ තවත් විමර්ශන කණ්ඩායම් කිහිපයක් විමර්ශන අරම්භ කර තිබේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *