යාපනයේ කැළෑවකින් අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ගුරුනගර් ජැටිය ප්‍රදේශයෙහි අද (17) අළුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් සූක්‍ෂම ‍ලෙස සඟවා තිබූ TNT නමැති අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමණයක් සමඟ සේවා නූල් අඩි තුනයි අඟල් හතරක පමණ ප්‍රමාණයක් සිය භාරයට ගෙන තිබේ.

උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනය මඟින් අද (17) යාපනය, ගුරුනගර් ජැටිය ප්‍රදේශයෙහි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම ප්‍රදේශය ආසන්නයේ පිහිටි ලදු කැළෑවක් තුල සඟවා තිබූ සැකකටයුතු පාර්සලයක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කර ඇත.

එහීදී එම පාර්සලය තුළ සූක්‍ෂම ‍ලෙස සඟවා තිබූ TNT නමැති අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් නවසිය පනහක පමණ ප්‍රමාණයක් හමු වූ බවයි නාවික හමුදාව පවසන්නේ.

ඔවුන් සැක කරන්නේ නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදුකරනු ලබන ධීවර කටයුතු සඳහා යොදා ගැනීමට මෙම අධිබලැති පුපුරණ ද්‍රව්‍ය මෙලෙස සඟවා තබන්නට ඇති බවයි.

එම පුපුරණ ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *