නීති විරෝධී රන් ආකාරයක ගිලී 23ක් මරුට

සිම්බාබ්වේ හරාරේ අගනුවර සිට කිලෝමීටර් 145ක් නිරිත දිගින් පිහිටි ප්‍රදේශයේදී රන් ආකාරයක ගිලී පුද්ගලයන් 23 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ගංවතුර තත්ත්වය නිසා අනතුර සිදුව ඇති අතර පොම්ප භාවිතා කරමින් පතලේ වතුර ඉවත් කිරීමට කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.පවසන්නේ.

මෙය නීතිවිරෝධී ලෙස පවත්වාගෙන යනු ලැබූ පතලක් වනවා.

පසුගිය වසරේ සිම්බාබ්වේහි රන් ටොන් 33 ක් නිපදවා ඇති අතර එම නිෂ්පාදනයෙන් 60%ක් නිපදවා ඇත්තේ නීති විරෝධී පතල්කරුවන් ඇතුළු කුඩා ප්‍රමාණයේ රත්තරං නිෂ්පාදකයන් බව වාර්තා වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *