මධුෂ් සමඟ ඇල්ලූ 8ක් නිදහස්

ඩුබායිහිදී අත්අඩංගුවට ගත්  පාතාල නායක මාකදුරේ මධුෂ් සමඟ සිටි පිරිසෙන් පුද්ගලයින් අට දෙනකු මේ වන විට නිදහස් කර ඇතැයි  පොලිස් ආරංච් මාර්ග පවසයි.

ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු එරට පොලීසිය විසින් ඔවුන් සියලු දෙනා රුධිර පරීක්ෂාවකට යොමු කර තිබු අතර එහිදී මත්ද්‍රව්‍ය ශරීර ගත වී නොමැති බවට තහවුරු වු පුද්ගලයින් 08 දෙනකු මෙලෙස නිදහස් කර ඇති  බව එම ආරංචි මාර්ග පවසයි.

එසේම ඉදිරි දින දෙක ඇතුළතදී  සියලුම පිරිස පරීක්ෂාවට ලක් කිරීම් අවසන් වනු ඇතැයිද රුධිර පරික්ෂාවේ කිසිදු වෙනසක් නොවේ නම් ඔවුන් නිදහස් වනු ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

නිදහස් කෙරුණු පිරිස අතර කාන්තාවන් කිහිප දෙනකු සිටින බවද එම ආරංචි මාර්ග පවසයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *