පිරමීඩ මුදල් ගනුදෙනු ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

පිරමිඩ ආකාරයේ තහනම් ආයෝජන ක්‍රම පවත්වාගෙන යන බවට චෝදනා එල්ල වන MTFE ඇතුළු ආයතන 9ක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර තිබේ.

ඒ ආකාරයේ යෝජනා ක්‍රමයක් සෘජුව හෝ වක්‍රව ආරම්භ කිරීම දිරිගැන්වීම ප්‍රවර්ධනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි මහබැංකුව නිවේදනය කර ඇත.

ඒ අනුව MTFE App, MTFE SL Group, MTFE Success Lanka (Pvt) Ltd සහ MTFE DSCC Group (Pvt) Ltd යන ආයතන මෙරට පවත්වාගෙන ගිය තහනම් පිරමීඩ යෝජනාක්‍රම ලැයිස්තුවට මහ බැංකුව විසින් ඇතුළත් කර තිබේ.

තහනම් කරන ලද ආකාරයේ පිරමීඩ යෝජනා ක්‍රමයක් සෘජුව හෝ වක්‍රව ආරම්භ කිරීම, පිරිනැමීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරණය කිරීම, පැවැත්වීම, කළමනාකරණය හෝ මෙහෙයවීම සිදුකරන ඕනෑම පුද්ගලයෙකු සිදුකරන්නේ දඞුවම් ලැබිය හැකි වරදක් බව මහ බැංකුව පවසයි.

ඇතැම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන ආයතන ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ යම් යම් එකඟතාවන්ට එළඹ ඇති බවට සමාජයේ ඇතැම් කොටස් විසින් සිදුකරන ප්‍රකාශයන් තරයේ ප්‍රතික්ෂේප කරන බවද මහ බැංකුව පෙන්වා දෙයි.

එසේ නම් කරන ලද පිරමීඩාකාර ව්‍යාපාර සඳහා බැංකු පනතේ 83 ඈ වගන්තිය යටතේ අපරාධමය නඩු කටයුතු පැවරීමට හැකියාව පවතින බැවින් ඒ පිළිබඳව සලකාබලන ලෙස නීතිපතිවරයා වෙත ඉල්ලීමක් කර ඇති බවද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *