විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ඉදිරි මාස 2 තුළ එකඟතාවය

මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ඉදිරි මාස 2ක තුළ වාණිජ ණය හිමියන් සමග ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ප්‍රතිපත්ති ප්‍රකාශය අද (10) ඉදිරිපත් කරමින් අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

“උපයෝගීතා අංශයේ පිරිවැය නිරූපනය වන මිල සැකසුම, රජය සතු ව්‍යාපාර ප්‍රධාන වශයෙන් ඛනිජ තෙල් සංස්ථාව සහ විදුලිබල මණ්ඩලය මඟින් ක්‍රියාවට නංවනු ලැබීම, රජය මඟින් පසුගිය වසරේ හඳුන්වා දුන් වැදගත් ප්‍රතිසංස්කරණ වනවා. අනෙක් කාරණය වන්නේ ස්වෛරීත්ව ණය අර්බුදය විසඳීම සඳහා පියවර ගැනීමයි. රජය විසින් පසුගිය වසරේ අගෝස්තු – සැප්තැම්බර් කාලයේදී දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථක ලෙස සම්පූර්ණ කරනු ලැබුවා. විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සැලකූවිට නිල ණය හිමියන්ගේ කමිටුව සහ චීන එක්සීම් බැංකුව සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණියා. ඒ අතරතුර අනෙකුත් ණය හිමියන්, වාණිජ ණය හිමියන් සමග සද්භාවයෙන් යුත් සාකච්ඡා තවදුරටත් පැවැත්වෙනවා. එහිදී ඉදිරි මාස දෙක තුළ හැකි ඉක්මනින් ප්‍රතිපත්තිමය එකඟතාවයට පැමිණීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරනවා.”

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *