ශ්‍රී ලංකාවට සහය දෙනවා – ඇමෙරිකාව

ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය ලබාදෙන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා ප්‍රකාශ කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ධවල මන්දිරයේ පැවති තානාපති හමුවකදී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා හමුවූ ජෝ බයිඩ්න් මහතා එසේ පවසා තිබෙන බව අගමැතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට සහය දීමට ඇමෙරිකාව ඉදිරිපත් වීම ගැන ඔවුන්ට ස්තුතිය පුද කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *