ඉන්දීය චිත්‍රපට..වෙළඳ දැන්වීම් තහනම් – පාකිස්තානය දඬුවමක් ප්‍රකශ කරයි

පාකිස්තානයඉන්දියානු චිත්‍රපට ප්‍රදර්ශනය සහ රූපවාහිනි නාලිකා විකාශනය තහනම් කර ඇති බව වාර්තා වනවා.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින අර්බුදකාරී තත්ත්වය නිසා පාකිස්ථානය මෙම තීරණය ගෙන තිබෙනවා.

බොලිවුඩ් චිත්‍රපට ප්‍රදර්ශනය මාර්තු මාසයේ සිට තහනම් කරන බවත් මේ සඳහා පාකිස්ථානු ඉහළ උසාවිය ඉදිරි පියවර ක්‍රියාත්මක කරන බවත් පාකිස්ථාන චිත්‍රපට ප්‍රදර්ශකයින්ගේ සංගමය සඳහන් කළා.

ඒ අනුව කිසිදු ඉන්දියානු අන්තර්ගතයක් දේශීය රූපවාහිනිය ඔස්සේ විකාශනයත්, ඉන්දීය වෙළඳ දැන්වීම් ප්‍රචාරණයත්, වාර්තාමය වැඩසටහන් සහ චිත්‍රපට විකාශය කිරීමත් තහනම් කිරීමට පාකිස්ථානය තීරණය කර තිබෙනවා.

මෙය ඉන්දියාවට පහසු දඬුවමක් වනු ඇතැයි ඔවුන් සිතුවත් එය වැරදි ඉලක්කයක් බවට විවේචන එල්ල වී තිබෙනවා.

1947 වර්ෂයේ සිට ඉන්දියාව සහ පාකිස්ථානය අතර දීර්ඝ කාලීන ගැටුම් පැවතියත් ඔවුන් අතර බොලිවුඩ් සිනමා නිර්මාණ හුවමාරු වුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *