සීටී ස්කෑන්වලට නොපෙනුන ‘මරණ පරීක්ෂණයේ දී හෙළි වුණ’ බොරැල්ල OICගේ සත්‍ය තත්ත්වය

ඩිෆෙන්ඩර් අනතුරෙන් මියගිය බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මරණයට පත්වූයේ බයිපාස් ලෙඩෙක් නිසා බවට පැතිර යන පුවත ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාගේ පුතණුවන් පවසන්නේ සීටී ස්කෑන්වලට නොපෙනුන තත්ත්වයත් පශ්චාත් මරණ පරීක්ෂණේදී හෙළිවූ බවයි.

” ඔය අන්තිම දවස වෙනකොට එයා ඉදිමිලා හිටියේ. ඒ වකුගඩු අක්‍රිය නිසා වතුර මාංශ පේශිවලට බැහැලා. පශ්චාත් මරණ පරීක්ෂණේදී සීටී ස්කෑන්වලට නොපෙනුන තත්ත්වයත් දැනගත්තා. මරණය සිද්ධවෙලා තිබ්බේ ඔළුවට වෙච්ච තුවාලවලින් විතරක් නෙවෙයි.. කකුල් ඇඹරිලා වෙච්ච තුවාලවල ලේ කැටි ගිහින් පෙණහැල්ලෙ හිර වෙලා. ඒ අතරෙ පෙණහැල්ලෙ සෙම, වකුගඩු අක්‍රිය වෙලා.

මේ මරණයට හේතුව තාත්තා බයිපාස් ලෙඩෙක් වීම නෙවේ, ඔළුවෙ තුවාලත් ඇඟට උඩින් වාහනේ යාමත් නිසා ඇති වූ තුවාල හේතුවෙන් සිදුවූ මරණයක් කියන එක පශ්චාත් මරණ වාර්තාවේ ලියවිලා තියෙනවා.”

අනතුර සිද්ධ කරපු කිසි කෙනෙක් ඒ මොහොතේ හොඳ සිහියකින් ඉඳලා නෑ. ‍ඒ අනතුරට පත්වෙලා ලේ පෙරාගෙන වැටිලා ඉන්නෙ යුනිෆෝම් ඇඳපු පොලිස් නිලධාරියෙක් කියන එක නෙවේ.. ජීවිතයක් නෙ කියලා ඔවුන් හිතුවා නම්.. ඒ මනුස්සයත් කවුරුහරි දරුවකුගෙ තාත්තෙක් කියලා හිතලා ඒ වාහනයක දාගෙන ඉක්මනට රෝහලකට ඇතුළු කළා නම්, සමහරවිට තාත්තගෙ ඉරණම මීට වඩා වෙනස් වෙන්නත් තිබ්බා.

ඒ කොහොම නමුත් දැන් අසරණ වෙලා ඉන්නෙ අපියි. අපිටයි තාත්තෙක් නැතිවුණේ.”

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *