මෙරට තෙදින නිල සංචාරයක නිරත එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය (Her Royal Highness Princess Anne, the Princess Royal) සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමොති ලෝරන්ස් මැතිතුමා (Vice Admiral Sir Timothy Laurence) ඊයේ (10) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා
කොටුව ජනාධිපති මන්දිරයට පැමිණි ඈන් කුමරිය ඇතුලු රාජකීය දූත පිරිස විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් මහත් හරසරින් පිළිගනු ලැබුවා
අනතුරුව ඈන් කුමරිය ඇතුලු පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සමග සුහද කථා බහකටද එක්ව තිබෙනවා
මෙම අවස්ථාව සනිටුහන් කරමින් ඈන් කුමරිය ජනාධිපති මන්දිරයේ තැන්පත් කර ඇති විශේෂ අමුත්තන්ගේ සමරු පොතෙහි සටහනක්ද තැබූ අතර හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ෂවේන්ද්‍ර සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා