ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහිමි වී ඇති අයට කැබිනට් මණ්ඩලය දුන් වරප්‍රසාදය

විදේශ රටවල පුරවැසිභාවය ලබාගැනීම හේතුවෙන් ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහිමි වී ඇති පුද්ගලයින්ට විෂයභාර අමාත්‍යවරයා විසින් නියම කරනු ලබන කාලසීමාවක් දක්වා ස්ථිරව වාසය කිරීමට වීසා බලපත්‍ර ලබා දීම පිණිස 1948 අංක 20 දරන  පනතේ 14(1) හා 14(2) යන වගන්ති සංශෝධනය කිරීම සඳහා සහ 14(3අ) ලෙස නව වගන්තියක් ඇතුළත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් 500,000ක මුදලක් ප්‍රේෂණය කරනු ලබන ආයෝජකයන්ට වසර 10 ක් දක්වා වූ මෙරට තුළ වාසය කිරීමට වීසා බලපත්‍ර නිකුත් කිරීමටද එහිදී අනුමැතිය හිමිව තිබුණා.

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් 300,000ක මුදලක් ප්‍රේෂණය කරනු ලබන ආයෝජකයන්ට වසර 5 ක් දක්වා වූ මෙරට තුළ වාසය කිරීමට වීසා බලපත්‍ර නිකුත් කිරීමට ද ඉදිරියේ අවස්ථාව හිමිවනු ඇති.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *