ප්‍රධාන බෝම්බකරු ගැන සේවකයන් හෙළි කළ අයුරු

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් එල්ල කිරීම සඳහා පැමිණි දෙමටගොඩ ප්‍රධාන ව්‍යාපාරිකයෙකුගේ පුතකු වන ඉන්ෂාෆ් අහමඩ් දැඩි ඉස්ලාමිය භක්තිකයෙක් ලෙස පෙනී නොසිටි බවයි ඔහුගේ ආයතනයේ සේවකයන් පවසන්නේ .

බෝම්බ නිපදවන්නට ඇති බවට සැකපළ වී ඇති ඉන්ෂාෆ් අහමඩ්ගේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කර්මාන්ත ශාලාවේ තවත් ඉන්දීය සහ බංග්ලාදේශ ජාතික සේවකයින් 12 දෙනෙක් පමණ සිටිනවා.

ප්‍රධාන බෝම්බකරු වන ඉන්ෂාෆ් අහමඩ් නැමැත්තා සෑම දිනකම සිය ව්‍යාපාරික ස්ථානයට පැමිණ මිනිත්තු 20 ක පමණ කාලයක් රැඳී සිට පිටව යන බවයි සේවකයන් පවසන්නේ .

” ඔහු දැඩි ඉස්ලාමිය භක්තිකයෙක් ලෙස ඇඳුම් ඇඳ සිටි අයෙක් නොවෙයි. කර්මාන්ත ශාලාවට පැමිණියත් ඔහු කතා කරන්නේ කළමනාකරු සමග පමණයි, හැබැයි ඔහු කිසි විටක තමන්ගේ ඡායාරූප ගැනීමට කිසිවෙකුට ඉඩ ලබා දුන්නේ නැහැ. ඔහු කිව්වේ තමාගේ ආගමික විශ්වාසයට අනුව එය විරුද්ධ දෙයක් බවයි” එක් සේවකයෙක් මෙහිදී කියා සිටියා.

මෙම මරාගෙන මැරෙන බෝම්බකරු සිය ප්‍රහාරය එල්ල කිරීමට දින තුනකට පෙර සිය ඥාති සහෝදරයෙකුගේ නිවසට ගොස් රාත්‍රී ආහාර ගෙන තිබෙනවා, එහිදී ඔහු ඉදිරියේදී විනෝද සවාරියක් යාමට පවා කතිකා කරගත් බවයි එම ඥාති සොහොයුරා සදහන් කර සිටියේ.

” ඔහු කිසිදු වෙනසක් පෙන්නුවේ නැහැ, සිනාමුසුව ප්‍රීතියෙන් පසුවූවා. ඔහු මෙවැනි දෙයක් සිදුකරයි කියා තමන්ට තවමත් අදහාගත නොහැකි බවයි” ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මරාගෙන මැරෙන බෝම්බකරු වන ඉන්ෂාෆ් අහමඩ් සිය පියා සමග දෙමටගොඩ මහල් නිවාසයක ජිවත් වුණා.

මෙම ප්‍රහාරය එල්ලවූ ඉකුත් අප්‍රේල් මස 21 වෙනිදා පොලිසිය විසින් සෝදිසි කිරීමට යාමේදී පොලිස් නිලධාරීන් තිදෙනෙකුට මරු කැඳවමින් පුපුරුවා හරිනු ලැබුවේ එම නිවසයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *