ගැටලු සොයන්න අගමැති විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට

ලිපි ගොණු අස්ථාන ගත වීම හේතුවෙන් පීඩාවට පත් විශ්‍රාමිකයන්ට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් කමිටුවක් පත් කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

මාලිගාවත්තේ පිහිටි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ මහජන ගැටලු සොයා බැලීමට අග්‍රාමාත්‍යවරයා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. අමාත්‍යාංශ මට්ටමින් කමිටුවක් පත් කර විශ්‍රාමිකයන්ගේ ගැටලු විසඳීමට කඩිනම් පියවර ගත යුතු බවට අග්‍රාමාත්‍යවරයා උසස් නිලධාරීන් වෙත මෙහිදී උපදෙස් ලබා දුන්නා. විශ්‍රාමික පාරිතෝශික දීමනා ලබාදීමට අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් විශ්‍රාමිකයන් අග්‍රාමාත්‍යවරයාට මෙහිදී ස්තුතිය පල කළා. රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි , විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජෙනරාල් ජගත් ඩයස් යන මහත්වරුන් ද අග්‍රාමාත්‍යවරයා සමඟ මෙම චාරිකාවට එක්ව සිටියා.

You May also like

1 Comment

  1. Wishmika විතරක් නෙවෙයි දැනට අවුරුද්දකට පෙර dipuwath තාම නැහැ. ඒ තරමටම pension යන අය ඉන්නවාද රජයේ සේවයේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *