ෆේස්බුක් පිටු මකන්න සමාගම ගත් තීරණය

නොමනා හැසිරීම් සහිත ෆේස්බුක් පිටු මකා දැමීමට ෆේස්බුක් ආයතනයක පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එලෙස හඳුනාගත් ෆේස්බුක් පිටු 2,632ක්, ෆේස්බුක් ගිණුම් විශාල සංඛ්‍යාවක් සහ කණ්ඩායම් ගිණුම් (Group) රැසක් මේ වනවිට ඉවත්කර ඇති බව එම වාර්තාවන්හි සඳහන්.

එම ගිණුම් අතර ඉරාණයේ ගිණුම් 513ක්, රුසියාවට සම්බන්ධ ගිණුම් 1,907 ක් ඉවත් කර ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ.

ආගමික සහ ජාතිකත්ව සම්බන්ධ අන්තවාදී මත පතුරුවන මෙන්ම ලිංගික දර්ශන ඇතුළත් ගිණුම් හඳුනාගනිමින් ඒවා ඉවත් කිරීමට ෆේස්බුක් ආයතනය මේ වනවිට කටයුතු කරමින් සිටී.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *