”කංසා වගාවට කැබිනට් අනුමැතිය හිමිවුණේ නැහැ” ඇමති බන්දුල කියයි

ත්‍රෛලෝක විජය පත්‍ර හෙවත් කංසා අපනයනය සඳහා වගා කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ඊයේ (05) රැස්වූ කැබිනට් මණ්ඩලය ,කංසා මෙරට වගා කර අපනයනය කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලබා දී ඇති බව සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ අප කළ විමසීමකදි කියා සිටියා.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙරට තුළ කංසා වගා කිරීම නිතීගත කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසන්නයි ඉල්ලා ඇය දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මගින් පාර්ලිමේන්තුවට කෙටුම්පතක් ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ අදහස් මතු වූ අතර, පසුගිය වසරේ සැප්තැම්බර් මස 05 වනදා ආයුර්වේද පනත් කෙටුම්පතද සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණේ ඹෟෂධීයව කංසා වගාවට අවසර ලබා දෙමින්.

කෙසේ වෙතත් කැබිනට් මණ්ඩලයේදී එවැනි යෝජනාවක් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් නොවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (06) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *